සිරගත කරගෙන සිටින සියළුම බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කරන්න – අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 25, 2019

සිරගත කරගෙන සිටින සියළුම බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කරන්න – අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි

රටේ පවතින තත්වය හා ජාතික ආරක්ෂාව සලකා බුද්ධි අංශ නිලදාරීන්ට පොදු සමාවක් දීමට කටයුතු කල යුතු බව අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව පවසා තිබෙනවා.

එමෙන්ම සංඝ සභාව පවසන්නේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට එරෙහිව එම පිරිස සිදු කළ ජාතික මෙහෙවර සුළු පටු නොවන බවය.

වර්තමානයේ මෙම ආගමික අන්තවාදයන් ව්‍යාප්ත වීමට මූලිකව බලපෑ කරුනක් ලෙස පලපුරුදු බුද්ධි අංශ නිලදාරීන් සිරගත කිරීම ප්‍රකට කරුණක් බව සංඝ සභාව පවසා සිටිනවා.


මාවනැල්ලේ බුදු පිළිම වැනසු අවි ආයුධ ගත් ආගමික ත‍්‍රස්තවාදීන් කිසිදු විභාගයකින් තොරව නිදහස් කිරීමට දේශපාලඥයින් ක‍්‍රියාකර ඇති බවට දැනගන්නට ඇති බවයි අස්ගිරි පාර්ශ්වය පවසා තිබෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad