පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර ඉස්ලාමීය අභිලාෂයන් ඉෂ්ඨ කරගැනීම සඳහා ගෙන යන අරගලයේ සාධාරණ ප්‍රහාරයක් බව පසවමින් වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හරින ලද වවුනියාවේ මෞලවිවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කොට තිබේ.
මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් බාර ගැනීමේන් පසුව වවුනියාවේ පට්ටානීච්චූර් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිය බාර මෞලවි නව්මාන් නමැත්තා විසින් එය සාධාරණීකරණය කරමින් එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇත.
මේ වීඩියෝව දැකීමෙන් කෝපයට පත් වවුනියාවේ දෙමළ සංවිධාන කීපයක්ම ඒ පිළිබදව ආරක්ෂක අංශවලට පැමිණිලි කිරීමෙන් පසුව මෞලවිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
සිද්ධියට සම්බන්ධ මෞලවිවරයාගේ පල්ලිය පට්ටානීචූර් ප්‍රදේශයේ වූවත් ඔහු පදිංචිව සිටින්නේ වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයේය.
පොලිස් නිලධාරීන් පිරිසක් ඔහුව සොයා ගිය අවස්ථාවේදී ඔහු මක්කම ප්‍රදේශයේ වන්දනා ගමනක් ගොස් ඇති බව නිවසේ උදවිය පවසා ඇති අතර මෞලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට හේතු දෙකක් හරස් වී ඇත. ඉන් එකක් වන්නේ මේ මෞලවිවරයාගේ සහෝදරයා පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වීමය. අනෙක් කරුණ වී ඇත්තේ මෞලවිවරයාට නීත්‍යානූකූල භාර්යාවන් හතර දෙනෙකු සිටීමය.
මේ වන විට පොලිසිය සියලු තොරතුරු සටහන් කරගෙන ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර මෞලවිවරයා පවසන්නේ ඉස්ලාමීය දේශයක් ගොඩනැගීම සඳහා යුද වැදීම වුවද සාධාරණ වන අතර දැන් ආරම්භ වී ඇත්තේ එම පසුබිම බවයි.
Thursday, April 25, 2019
අන්තර්ජාලයේ ප්‍රහාර ගැන උදම් ඇනූ මෞලවී සොයා මෙහෙයුමක් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment