අවුරුද්දෙන් පසු ආණ්ඩුවට මාරකයක්,දේපාලනය කණපිට ගැහෙන ප‍්‍රකාශයකට ජනපති සැරසේ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 12, 2019

අවුරුද්දෙන් පසු ආණ්ඩුවට මාරකයක්,දේපාලනය කණපිට ගැහෙන ප‍්‍රකාශයකට ජනපති සැරසේ.


Loading...

හෙට දිනයේ උදාවන අලුත් අවුරුද්දෙන් පසුව මෙරට දේශපාලනය උඩු යටිකුරු වන හෙළිදරව් කිහිපයක් සිදුකිරීමට ඉඩ තිබෙන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ආන්දෝලනාත්මක හෙලිකිරීම් සහිත විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් එමගින් වර්තමාන ආණ්ඩුවට ඉතා තීරණාත්මක බලපෑමක් සිදු වනු ඇති බවටත් වාර්තා වෙයි.
එම හෙළිදරව්වෙන් පසු ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සමඟ දේශපාලනය උඩුයටිකුරු වන තත්වය ආරම්භ වනු ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය ගැන පරීක්ෂණ අවසන්වූ පසු මෙම ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් කරනු ඇති බවද වාර්තා වෙයි.
මෙම පරීක්ෂණය මේ වනවිට අවසාන මට්ටමට පැමිණ ඇති අතර ප්‍රබල දේශපාලඥයකු මෙම ඝාතන කුමන්ත්‍රණය සමඟ ඍජුව සම්බන්ධ වී ඇති බවටද තොරතුරු වාර්තා වේ.
මීට අමතරව මහබැංකු බැඳුම්කර වංචාවෙන් ප්‍රධාන චූදිතයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගැනද විශේෂ පුවතක් මෙම නිවාඩුවෙන් පසුව හෙළි වනු ඇතැයිද වාර්තා වෙයි.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad