හේමසිරි ප්‍රනාන්දු මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා අදාල ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති බවට වාර්ථා වෙන්නේ.
මේ අතර, පුරප්පාඩු වූ ආරක්ශක ලේකම් ධූරය සඳහා හිටපු හමුදාපති වරයෙකු වූ ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා පත් කර තිබෙනවා.
ඉදිරි පැය 24 තුල ප්‍රධාන වශයෙන් රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතා ඊයේ (23) ප්‍රකාශ කර සිටියා.
පොලිස්පතිවරයාට ද ඉල්ලා අස්වෙන්නැයි දැනුම්දීමට නියමිත බවදයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කළේ.

No comments:
Post a Comment