ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට සිය තනතුරුවලින් ඉවත්වන ලෙසට ජනපති දැනුම්දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 24, 2019

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට සිය තනතුරුවලින් ඉවත්වන ලෙසට ජනපති දැනුම්දෙයි

බෝම්බ ප්‍රහාරවල වගකීම භාර ගනිමින් තනතුරුවලින් ඉවත්වන ලෙසට ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා විසින් දැනුම්දී තිබෙනවා.

බුද්ධි අංශවලින් ලැබුනු තොරතුරු නිසි පරිදි භාවිත කරමින් සිදුවු විනාශය වලක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර අත්අඩංගුවට ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ලිපියක් යොමුකර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad