රත්මලාන සොයිසා ෆ්ලැට් එකින් අත් බෝම්බ ඇතුළු උපකරණ රැසක් හමුවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 12, 2019

රත්මලාන සොයිසා ෆ්ලැට් එකින් අත් බෝම්බ ඇතුළු උපකරණ රැසක් හමුවේ

රත්මලාන, සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ තිබී අත්බෝම්බ දෙකක් ඇතුළු භාණ්ඩ තොගයක්
පොලිසිය සොයාගෙන තිබෙනවා.

පොලීසිය සහ ගුවන් හමුදාව ඊයේ රත්මලාන ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයා ගෙන ඇත්තේ රත්මලාන සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ක්‍රිඩාංගණයක් අසල තිබීයදීයී.

අත්බෝම්බ 2ක් සහ ඩෙටනේටර් 5ක්, මෙහිදී සොයාගෙන ඇත. කිසියම් අයෙකු විසින් මේවා එම ස්ථානයේ සඟවා යන්නට ඇති බව පොලිසිය සැක කරන නමුත් ඒ කවුදැයි සොයාගෙන නැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

No comments:

Post a Comment

Post Bottom Ad