ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට මෑතකදී පත් කරනු ලැබූ ජෝෂුවා බස්ටොස් (Joshua Bustos) නැමැත්තා 2016 දක්වා ඇෆ්ගනිස්ථාන සාෆි ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (Chief Executive Officer – CEO) ලෙස සේවය කර ඇති අතර ඔහුගේ අසාමාන්‍ය දක්ෂතාවය මත එය 2016 වසරේදී අධික ලෙස ණය වීම හේතුවෙන් එරට රජය විසින් වසා දමා ඇත.
තවද ඉන් අනතුරුව මෙහොමඩ් ඔමාර් ලෙස නම වෙනස් කර ගනිමින් ඔහු ඉස්ලාම් ආගම වැළඳගෙන ඇත්තේ ඇෆ්ගන් ජාතික කාන්තාවක් සමගද විවාහ වෙමිනි.
මෙම පුද්ගලයා සභාපතීත්වය දරන බස්ටොස් සමාගම් ජාලයට එවකදී ඇමරිකානු ඩොලර් මිලියන 11ක සන්නිවේදින උපාංග හා සම්බන්ධ කොන්ත්‍රාත්තුවක් ලබාදීම හේතුවෙන් චෝදනා ලබා ඇත.
ඔහු තමාගේ සමාගම ඇමෙරිකාවේ ලියාපදිංචිකොට ඇත්තේ කොන්ත්‍රාත්තුව ලැබී දිනකට පසුවීම විහිලු සහගතය. ඒ හා සම්බන්ධ අනාවරණය කිරීම් රැසක් ජාත්‍යන්තර මාධ්‍ය මගින් සිදුකොට ඇත.
වැඩිදුර තොරතුරු මෙතැනින් හා මෙතැනින්
එවන් තත්වයකදී ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ජෝෂුවා බස්ටොස්ව පසුගිය අප්‍රේල් 23 දා සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට පත්කොට ඇත්තේ අබමල් රේණුවක හෝ මොළය පාවිච්චි කරමින්ද යන්න සේවකයෝ ප්‍රශ්න කරති.
ශ්‍රීලංකන් ගුවන්සේවය වලපල්ලට යාම කෙසේවෙතත් අවම වශයෙන් ශ්‍රීලංකාවේ පවතින වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව හෝ සැලකිල්ලට ගෙන මෙම චෝදනා ලැබූ පුද්ගලයාගේ පත්වීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රීලංකන් සේවකයින් ඉල්ලයි.
Friday, May 3, 2019
Home
දේශපාලන
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉහළම තනතුරක සිටින පුද්ගලයෙක් ගැන ඇඟ කිළිපොලා යන තොරතුරක් හෙළිවෙයි
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉහළම තනතුරක සිටින පුද්ගලයෙක් ගැන ඇඟ කිළිපොලා යන තොරතුරක් හෙළිවෙයි
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment