මරාගෙන මැරෙන ප්‍රහාර‌ෙයෙන් පසු ලංකාවේ සිටින අයි.එස්. සාමාජිකයන්ට කාන්තාවක් උපදෙස් දෙන හඬපටය හමුවේ සමග පුස්ගලයෙකු අත්තඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 3, 2019

මරාගෙන මැරෙන ප්‍රහාර‌ෙයෙන් පසු ලංකාවේ සිටින අයි.එස්. සාමාජිකයන්ට කාන්තාවක් උපදෙස් දෙන හඬපටය හමුවේ සමග පුස්ගලයෙකු අත්තඩංගුවට

මාවනැල්ල බුදු පිළිමයට හානි කළ සහෝදරයන් දෙදෙනා සැඟව සිටි ගම්පොළ පාවහන් වෙළෙඳ සැල හිමි ඔවුන්ගේ මාමා වන අබ්දුල් ජබාර් නැමැත්තාගේ නිවස අසල කුලියට පදිංචිව සිටි තවත් ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානයට අයත් යැයි සැක කෙරෙන රුපියල් කෝටියකට අධික මුදල් ගනුදෙනු සටහන් සහ විවිධ වීඩියෝ දර්ශන ඇතුළු රහස්‍ය ලියකියවිලි රැසක් සමග මොහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ළඟ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක්ද යුද හමුදා කැලෑ ඇඳුම් හැඳ පිස්තෝලයක් අතේ තබා ගනිමින් ගත් ඡායාරූප දෙකක්ද සොයාගෙන ඇති අතර, පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු සියලු සාමාජිකයන්ට ආරක්ෂිතව සිටින ලෙස උපදෙස් දෙන ලද හඬ පටයක්ද තිබී සොයාගෙන තිබෙනවා.

කාන්තාවක විසින් මෙම හඬ පටයේ උපදෙස් දෙන අයුරු සටහන්ව ඇති අතර ඒ තුළින් අයි.එස්. සංවිධානයේ භයානකකම හා ඔවුන් මගහැර සිටිය නොහැකි බවත්, ප්‍රකාශ වන අතර එම සංවිධානය ඉස්මතු වන ආකාරයට මෙම හඬපටය සකස් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

2017 වසරේ සිට මෙම සංවිධානයට අයත් යැයි සැක කරන මුදල් ගනුදෙනු සටහන් හා බැංකු කුවිතාන්සි රැසක් මෙහිදී සොයා ගෙන තිබෙනවා.

මෙහි විවිධ පුද්ගලයන් මේ සඳහා රුපියල් ලක්ෂ ගණනින් ආධාර මුදල් ලබාදී ඇති අතර එවැනි සටහන් 200ක් පමණ මෙහි ඇතුළත් වනවා.

එසේම විවිධ පුද්ගලයන‍්ට මුදල් බැරකළ බැංකු කුවිතාන්ති 25ක්ද සොයාගෙන ඇති අතර ඒවා මෙම සංවිධානයේ සාමාජිකයන් හට ලබාදී අතැයි පරීක්ෂණ කණ්ඩායම් සැක කරනවා.

තවුහීද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් පසුගිය කාලවලදී මාධ්‍ය මගින් ප්‍රකාශිත සෑම වීඩියෝවක්ම මෙහිදී සොයාගත් පරිගණකයක හා ජංගම දුරකථනයේ පටිගතකොට තිබූ අතර සිදූ වූ ප්‍රහාර සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්ති වෙනම මෙහි ගබඩා කොට තිබී හමුව තිබුණා.

මෙම පරිගණකය හා ජංගම දුරකථනය පරීක්ෂා කරන්නවුන් නොමග යැවීම සඳහා මුලින් මෙහි අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ ගබඩා කර තිබෙන අතර ඉන්පසු සඟවා තරබන ලද ෆයිල්වල මෙම සංවිධානයේ තොරතුරු සටහන් කර තිබී තිබෙනවා.

දැනට අවනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම වෙළෙඳ සැල මිලදී ගෙන ඇත්තේ සාහිඩ් අබ්දුල්හක් නැමැති බෝම්බකරුවායි.

ඒ සඳහා මොහු එකවර රුපියල් ලක්ෂ 65ක් ගෙවා ඇති බවද පරීක්ෂණවලදී හෙලි වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad