වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 13, 2019

වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවයි


වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය, හෙට්ටිපොල පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ අද(13)සවස 2 සිට හෙට(14)උදෑසන 4 දක්වා එම ප්‍රදේශයන්ට ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

මේ අතර කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයට ‍අද අළුයම 12 සිට උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවු බවයි.

ඒ මහතා පැවසුවේ ඇඳිරී නීතිය කඩ කරන පුද්ගලයින් හට දැඩිව දඬුවම් පනවන බවයි.

මේ අතර ජාතීන් අතර අසමගීය ඇතිකරන ආකාරයේ ප්‍රකාශයක් යම් පුද්ගලයෙකු විසින් සමාජ ජාලා මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් හලාවත ප්‍රදේශවාසීන් විසින් විරෝධය පල කිරීමත් සමඟ එම ප්‍රදේශයේ නොසන්සුන් කාරී තත්ත්වය හට ගත්තේය.

එම නිසා හලාවත නගරයට ද ඊයේ සිට අද අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad