අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 10දෙනෙකුට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර නඩු පවරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 28, 2019

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 10දෙනෙකුට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර නඩු පවරයි

හ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන ඇලෝසියස් හා ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇත.

එම විනිසුරු මඩුල්ල විසින් නියෝග කර ඇත්තේ විත්තිකරුවන්ට ලබන මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස වන අතර විත්තිකරුවන්ට එරෙහිව ඇති අධිචෝදනා ගණන 23 කි.

2015 ජනවාරි 27 වැනි දා බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන දස දහස් පනස් අටක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම ඉන් එක් චෝදනාවක් වන අතර මීට අමතරව ඊට අනුබලදීමෙන් පොදු දේපොළ පනතේ පහ එක වගන්තිය යටතේ ගැනෙන සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව ද සියලුම විත්තිකරුවන්ට එල්ලවී ඇත.

රුපියල් බිලියන 10.08 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමට අදාළව පොදු දේපොළ පනතේ සාපරාධී විශ්වාසය කඩ කිරීමෙන් රජයට රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා අර්ජුන් මහේන්ද්‍රන්ට හා මහ බැංකුවේ හිටපු නියොජ්‍ය අධිපති පී. සමරසිරි යන අයට එල්ලවී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad