ආරාබි පාසල්වල ඉගැන්වීම් ආරාබි භාෂාවෙන් සිදුකළ යුතුයි – රිෂාඩ් බදියුදීන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 28, 2019

ආරාබි පාසල්වල ඉගැන්වීම් ආරාබි භාෂාවෙන් සිදුකළ යුතුයි – රිෂාඩ් බදියුදීන්

ශ්‍රී ලංකාවේ ඇති ආරාබි පාසල්වල ඉගැන්වීමේ කටයුතු ආරාබි භාෂාවෙන් සිදුකළ යුතු බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පවසා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්ය.

ආරාබි අක්ෂර ඉගැන්වීමේ කටයුතු  සිදු කරන නිසාවෙන් එම පාසල් සඳහා අරාබි අක්ෂර අවශ්‍ය බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇති ඇතැම් මාර්ගවල ආරාබි අක්ෂර සහිත පුවරු සවි කිරීම සාධාරණ නොවන බව හිටපු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඇති මාර්ගවල නම් ඉංග්‍රීසී, සිංහල දෙමළ භාෂාවෙන් පමණ තිබුණ හොත් ඇති බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad