අපවත් වූ සෝබිත හිමිට මහා අපහාසයක්, අගෞරවයක් කරලා.. පිලිමයේ විජිනිපත ඔළුවෙන් හිටවලා..- වත්මන් නාග විහාරාධිපතිගෙන් චෝදනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 29, 2019

අපවත් වූ සෝබිත හිමිට මහා අපහාසයක්, අගෞරවයක් කරලා.. පිලිමයේ විජිනිපත ඔළුවෙන් හිටවලා..- වත්මන් නාග විහාරාධිපතිගෙන් චෝදනා !

පවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ ඉදිකරන ලද පිළිරුව මගින් උන්වහන්සේට බලවත් අගෞරවයක් අපහාසයක් සිදු කර ඇති බව වර්තමාන කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති රාජකීය පණ්ඩිත වතුරවිල වතුරවිල සිරි සුජාත හිමියන් චෝදනා කරති.

එම පිළිරුවේ සෝභිත හිමියන්ගේ විජිනිපත කණපිට ගසා ගෙන තබාගෙන සිටින බවත් එය පරාජයේ සංකේතයක් බවත් විහාරාධිපති හිමියන් පෙන්වා දෙති.

සෝපිත හිමියන්ගේ පිහිටෙන් බලයට ආ පාලකයන් විසින් මෙය වහා නිවැරදි කළ යුතු බවත් එසේ නොවන්නේනම් සෝභිත හිමියන්ට සදාකාලිකවම මහත් අපහාසයක් වන බවත් උන්වහන්සේ කියා සිටිති.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිළිරුව පසුගිය 25 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයට නුදුරුන් විවෘත කරන ලදී.

සෝභිත හිමියන් ජීවත් වූ අවසන් දින කිහිපයේදී තමන් වහන්සේ මැදිහත්වී බලයට පත්කරන ලද යහපාලනය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයකින් සිටි බව හිමියන්ගේ සමීපතයන් කිහිප දෙනෙකුම මෑතක දී හෙළිකර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad