ෂාෆි දොස්තරට පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 29, 2019

ෂාෆි දොස්තරට පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් !

හත් ආන්දෝලනයකට තුඩු දී ඇති වඳ සැත්කම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී සිටින වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී‍මේ අවස්ථාව උදාවෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වී සිටින වයෝවෘද්ධ මන්ත්‍රීවරුන්ට විශ්‍රාම ගන්නා ලෙසට එම පක්ෂයෙන් ලැබී ඇති ඉල්ලීමය.

කෙසේ වෙතත් දින පනස් හයේ ආණ්ඩුවට සහාය ලබාදීම නිසා කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්නට මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන ලෙසටද පක්ෂයෙන් ඉල්ලීම් ලැබී ඇතැයි වාර්තා වේ. ඒ හේතුවෙන් මේ දිනවල පක්ෂයේ වැඩ කටයුතුවලටද ඔහු සහභාගි නොවී සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් 2015 මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ මනාප අනුව හත් දෙනකු පාර්ලිමේන්තුවට පිවිසි අතර මනාප අනුව ඉදිරියෙන්ම සිටින්නේ වෛද්‍ය ෂාෆි සහබ්දීන්ය. ඔහු 2015 මහමැතිවරණයෙන් මනාප 53038ක් ලබාගෙන මනාප ලේඛනයේ අට වැනි ස්ථානයේ පසුවෙයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්නගෙන් විමසීමට ඔහුගේ දුරකථනයට ඇමතුම් ලබා ගත්තද ඔහු දුරකථනය විසන්ධි කර දැමීය.

අරුණ


No comments:

Post a Comment

Post Bottom Ad