දකුණු අප‍්‍රිකාව අතින් ශ‍්‍රී ලංකාවට දරුණු පරාජයක් - ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 28, 2019

දකුණු අප‍්‍රිකාව අතින් ශ‍්‍රී ලංකාවට දරුණු පරාජයක් - ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට !

2019 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ පැවති තීරණාත්මක තරඟයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ කඩුලු 9 ක පරාජයක් ලැබීය.

තරගයෙන් මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 43.3 සියලු දෙනා දැවී ලකුණු 203ක් ලබාගත්තේය.


පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානුවන් 01 කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 37.2කදී ඉලක්කය පසු කරමින් තරගය ජය ගත්තේය.

මේ සමග ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් 07 වන ස්ථානයේද පසුවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද අවසන් පූර්ව වටය සඳහා පැමිණීමට නම් ඉඩකඩ ඉතා අවම බව ජාත්‍යන්තර විචාරකයන් කියා සිටියහ.

මන්ද එංගලන්ත කණ්ඩායම තව එක් තරගයක් ජය ගතහොත් ඔවුන් ලකුණු ලබාගැනීමේ වේගය සමගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන නිසාය.

එමෙන්ම ශ්‍රී ලංකාවට ඉදිරියෙන් පාකිස්තාන හා බංගලදේශ කණ්ඩායම්ද සිටින්නේ තවත් තරග දෙක බැගින් තරග වැදීමට ඉතිරිව තිබියදීය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතව ඇත්තේ ඉන්දීය හා කොදෙවු කණ්ඩායම් සමගිනි.


No comments:

Post a Comment

Post Bottom Ad