ඇෆ්ගනිස්ථානයට එරෙහි පාකිස්තාන ජයෙන් පසු ක්‍රීඩා ලෝලීන් දෙපිරිසක් අතර ගැටුමක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 29, 2019

ඇෆ්ගනිස්ථානයට එරෙහි පාකිස්තාන ජයෙන් පසු ක්‍රීඩා ලෝලීන් දෙපිරිසක් අතර ගැටුමක් - (video)

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ සිය බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට පාකිස්තානු කණ්ඩායම ඊයේ (29) සමත් වුනා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග ඊයේ පැවති තීරණාත්මක තරගයෙන් කඩුළු 3 ක ජයක් වාර්තා කරමින්.

ලීඞ්ස්හිදී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 9 ක් දැවී ලකුණු 227 ක් රැස් කළ අතර එම තරගයේදී ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් පාකිස්තානු පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමද කැපී පෙනුනා.

ඇෆ්ගනිස්තානු පන්දු යවන්නන් පාකිස්තානු පිතිකරුවන්ට එම ඉලක්කය පහසුවෙන් හඹා යාමට ඉඩ ලබා නොදුන් අතර ඔවුන් පාකිස්තානු ඉනිමේ මුල් කඩුළු 6 බිඳ දැමුවේ ලකුණු 156 ක් තුළයි. අවසන් පන්දුවාර දහයේදී ජයග‍්‍රහණය සඳහා පාකිස්තානු කණ්ඩායමට ලකුණු 71 ක් ලබාගත යුතුව තිබුණා. කෙසේවෙතත් ඉමාඞ් වසීම් සහ වහබ් රියාස් 8 වන කඩුල්ලට ලකුණු 24 ක  සබදතාවක් ගොඩනගමින් පාකිස්තානු කණ්ඩායම සුරැකිව  ජයග‍්‍රහණය කරා රැගෙන ගියා.

එම තරගයේදී ඉමාඞ් වසීම් නොදැවී ලකුණු 49 ක් රැස් කළ අතර වහබ් රියාස් නොදැවී ලකුණු 15 ක් රැස් කළා.  මෙම ජයග‍්‍රහණයත් සමග පාකිස්තානු කණ්ඩායම, එංගලන්තය අභිඹවමින් ප‍්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානය දක්වා පැමිණීමට සමත්ව තිබෙනවා.

මේ අතර ලීඞ්ස්හි හීඩිංලි කී‍්‍රඩාංගණයේ සහ ඉන් පිටතදී මෙම තරගය නැරඹීමට පැමිණි  ඇෆ්ගනිස්ථාන සහ  පාකිස්තානු කී‍්‍රඩාලෝලීන් අතර ඊයේ ගැටුමක්ද හටගත්තා. එම ගැටුමේ වීඩියෝ දර්ශනද මේ වනවිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.


No comments:

Post a Comment

Post Bottom Ad