පොහොට්ටුව තවත් පක්‍ෂ 10ක් සමග එක්වෙයි - ගිවිසුම්ගත වූ පක්‍ෂ මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 26, 2019

පොහොට්ටුව තවත් පක්‍ෂ 10ක් සමග එක්වෙයි - ගිවිසුම්ගත වූ පක්‍ෂ මෙන්න

දිරි මැතිවරණවලට මුහුණ දීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් සමඟින් අවබෝධතා ගිවිසුම්වලට අද එළැඹ තිබේ.

විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම කටයුත්ත සිදු කර තිබේ.

මෙසේ ගිවිසුම් ගතව ඇත්තේ දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නමුත් පිළිගත් දේශපාලන පක්ෂ දහයක් සමගිනි.

එසේ ගිවිසුම්ගත වූ දේශපාලන පක්‍ෂ මෙසේය.

නව සිහල උරුමය
මව්බිම ජනතා පක්ෂය
මුස්ලිම් උලමා පක්ෂය
එක්සත් ලංකා මහා සභාව
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය
ලංකා කම්කරු එක්සත් පෙරමුණ
තමිල එක්සත් නිදහස් පෙරමුණ
ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
ලිබරල් පක්ෂය
භූමිපුත්‍ර පක්ෂය


No comments:

Post a Comment

Post Bottom Ad