වන ජීවී ඇමතිගේ නෝනගේ හෝටලේ වල් ඌරු මස් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 1, 2019

වන ජීවී ඇමතිගේ නෝනගේ හෝටලේ වල් ඌරු මස් !

සුගියදා නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා හග්ගල අඩවි වනජීවි කාර්යාල නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී වල් ඌරුමස් සොයාගත් “නිව් ….ඉන්” හෝටලයේ හිමිකාරිය හිටපු වනිජීවි අමාත්‍යවරයාගේ බිරිය බව වාර්තා වේ. වැලිමඩ නුවරඑළිය පාරේ අදාළ හෝටලය පිහිටා ඇති අතර එහි ශීතකරනයක තිබී මෙම වල් ඌරු මස් සොයාගෙන ඇත.

වනජීවි නිලධාරීන් එම හෝටල් බලපත්‍රය පරික්ෂා කිරීමේදී එම බලපත්‍රයේ තිබූ නම කාන්තාවකගේ බව තහවුරු කරගෙන ඇති අතර ඒ හිටපු ඇමතිගේ බිරියගේ නම බවද සොයාගෙන තිබේ.

කෙසේවුවද, අදාළ සිද්ධිය සම්බන්ධ නඩුව මේවන විට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන බවද පැවසේ.

මූලාශ්‍රය - අරුණ


No comments:

Post a Comment

Post Bottom Ad