රනිල්ට අගමැතිකම, එජාප නායකත්වය අහිමි කරන පෙරලියක්.. මෛත‍්‍රී-සජිත් එක් වී පාර්ලිමේන්තුව කල් දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 4, 2019

රනිල්ට අගමැතිකම, එජාප නායකත්වය අහිමි කරන පෙරලියක්.. මෛත‍්‍රී-සජිත් එක් වී පාර්ලිමේන්තුව කල් දමයි

දිරි දින කිහිපය තුළ ආන්දෝලනාත්මක දේශපාලන පෙරළියක් සිදුවිය හැකි බව මාතලේ හිටපු නගරාධිපති ඩන්ජිත් අලුවිහාරේ මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව කල් තැබීම තුළ මෙම දේශපාලන පෙරළිය සිදු වීමේ හැකියාවක් පවතින බවයි.

සජිත් ප්‍රේමදාස මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වීමේ වැඩි අවකාශයක් ඇතැයිද ඔහු පවසයි.

මෙම දේශපාලන පෙරළිය තුළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් මෙන්ම අරලියගහ මන්දිරයෙන් ද අනිවාර්යයෙන්ම ඉවත්වීමට සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුව කල් තැබීම තුළ මෙම දේශපාලන වෙනස්කම සිදුවනු ඇති බවද ඔහු කියා සිටියේ මාතලේදී මාධ්‍ය වෙත අචහස් පල කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad