එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නව සන්ධානය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 4, 2019

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නව සන්ධානය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරයි



එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය පිහිටුවීම පිළිබඳ මෙතෙක් පැවතී සාකච්ඡාවන්හිදී නව යෝජනා ගණනාවක් ඉදිරිපත් වු බැවින් , ඒ අදහස් පිළිබඳව සියළු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා මේ බව දැනුම්දී ඇත.

අදාල සාකච්ඡාවන් නිම වන තුරු සන්ධානය සඳහා අත්සන් තැබීම කල් දැමිය යුතු බවට ද එකඟත්වයකට එළැඹි බවද එම නිවේදනයේ සඳහන්.

මෙම පුළුල් සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බවද අමාත්‍යවරයා පවසයි.

සියළු අදහස් පිළිබඳව එකඟත්වයකට පැමිණෙන තුරු සන්ධානය පිහිටුවීම කල් දැමීමේ තීරණය ඔස්සේ ද  පෙන්වා දී ඇත්තේ මේ සන්ධානය තුළ ක්‍රියාත්මකවන ප්‍රජාතන්ත්‍රවාදී ගුණය බව ද පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි .

No comments:

Post a Comment

Post Bottom Ad