අගමැති අද හවස පාස්කු තේරීම් කමිටුවේ - ජනපතිගේ පැමිණීම ස්ථිර කර නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 5, 2019

අගමැති අද හවස පාස්කු තේරීම් කමිටුවේ - ජනපතිගේ පැමිණීම ස්ථිර කර නෑ !

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා ඇමැතිවරුන් තිදෙනකු අද (6) සාක්ෂි ලබාදීමට නියමිතය. වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් වි‍ජයවර්ධන මහත්වරුන්ද මෙසේ සාක්ෂි ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.

අගමැතිවරයාගේ සාක්ෂි විමසීම පස්වරු 6.00ට සිදුකෙරේ.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සාක්ෂිය මෙහි ප්‍රධාන එකක් වන නමුත් ඒ මහතාගේ පැමිණීම ස්ථිර කර නොමැති බවයි.

කෙසේවුවද, ඒ මහතාට මේ සඳහා සහභාගිවන ලෙස නැවත ඉල්ලීමක් කරන බවද ඔහු කියා සිටියේය.

- ඉන්දික ශ්‍රී අරවින්ද


No comments:

Post a Comment

Post Bottom Ad