එජාප නායකයන් එකිනෙකාට හොරෙන් ගෝඨාගේ නිවසට රිංගයි - ගෝඨාගේ නිවසේදී මුහුණට හමුවී කට උත්තර නැතිවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 5, 2019

එජාප නායකයන් එකිනෙකාට හොරෙන් ගෝඨාගේ නිවසට රිංගයි - ගෝඨාගේ නිවසේදී මුහුණට හමුවී කට උත්තර නැතිවේ !

සිංගප්පුරුවේ දී සිදු කරන ලද සැත්කමකින් අනතුරුව මෙරටට පැමිණෙන මිරිහාන නිවසේ විවේකී සුවයෙන් වෙසෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකු පෙරේදා දිනයේ ගොස් තිබේ. එජාප සභාපති ඇමැති කබීර් හෂීම් සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමති සාගල රත්නායක මෙසේ ආරක්ෂක හිටපු ආරක්ෂක ලේකම්වරයා හමුවීමට ගිය එක්සත් ජාතික ප්‍රබලයන් වෙයි.
කලින් අවස්ථාවක කබීර් හෂීම් මහතා අසනීප වූ විට විටෙක ගෝඨාභය රාජපක්ෂ මහතා සුව දුක් බැලීමට පැමිණි නිසා ඊට කළගුණ සැලකීමක් ලෙස කබීර් හෂීම් මහතා ද ආරක්ෂක ලේකම්වරයාගේ සුව දුක් විමසීමට ගොස් ඇතැයිද වාර්තා වෙයි.

එසේ ගිය අවස්ථාවේ එම නිවස ඇතුළේ සිට ඇමැති සාගල රත්නායක මහතා කලබලයෙන් මෙන් එළියට පැමිණි බව මුලින් වාර්තා විය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේදී විමසා තිබිණි.

එහිදී ඇමති නවීන් දිසානායක මහතා විසින් මෙම කාරණාව විමසා ඇති අතර කබීර් හෂීම් මහතා පවසා ඇත්තේ තමන් අසනීප අවස්ථාවකදී සුව දුක් විමසීමට ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි බවත් මනුස්සකමට තමන්ද එහි බවත් තමන් එහි සිටියදී ටික වේලාවකින් සාගල රත්නායක මහතා ද එහි පැමිණි බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad