'ජනතාව කේන්ද්‍ර කරගනිමින් සකස් වු ආර්ථික සැළැස්මකින් කඩාවැටුනු ආර්ථිකය ගොඩනගනවා.'-ගෝඨාභය[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 31, 2019

'ජනතාව කේන්ද්‍ර කරගනිමින් සකස් වු ආර්ථික සැළැස්මකින් කඩාවැටුනු ආර්ථිකය ගොඩනගනවා.'-ගෝඨාභය[Video]

Loading...
ආර්ථිකය ගොඩගැනීම සඳහා පැහැදිලි සැළැස්මක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතුව පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (31) කොළඹදී පැවැත්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ත්‍රිරෝද රථ රියදුරු සංවිධාන අතර හමුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එක් කොටසකට පමණක් සීමා නොවු ජනතාව කේන්ද්‍ර කරගනිමින් සකස් වු ආර්ථික සැළැස්මක් පොදු ජන පෙරමුණ සතුව ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

හොඳ ආර්ථික සැළැස්මක් නම් සෑම ජන කොට්ඨාශයක්ම ඉහළට ගෙන ආ හැකි විය යුතු බවත් සංඛ්‍යාලේකන වලින් පමණක් ආර්ථිකය දෙස බැලිය නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඉදිරියේ දී පත්වන රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට ජනතා අවශ්‍යතා පිළිබඳ සලකා බලා ඒ සඳහා ගැළපෙන ආකාරයේ ආර්ථික සැළැස්මක් නිර්මාණය කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
-Ada derana.

No comments:

Post a Comment

Post Bottom Ad