හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම සියලු ලිපි ලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිගේ පරීක්ෂාවට පෙරේදා ලක්වූ අතර අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති විසින් එම ලිපි ලේඛන සහතික කරනු ලැබීය.
විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එකී ලේඛන සිංගප්පූරු රජයේ බලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
උදේශ් ගුණරත්න


No comments:
Post a Comment