සජිත් වෙනම ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම් - හරීන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 6, 2019

සජිත් වෙනම ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම් - හරීන්

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ගන්නා ලද තීරණයේ කිසිදු වෙනසක් නැති බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතී ව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී ප්‍රමාණයක්, පලාත් සභා සහ පලාත් පාලන ආයතන වල අතිශය බහුතර මන්ත්‍රී ප්‍රමාණයක් සිටින බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම බිම්මට්ටමේ ද විශාල සහයෝගයක් ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව ද ඔහු පවසයි.

එසේ තිබියදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් සජිත් පේ‍්‍රමදාස මහතා නව බලවේගයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණාත්මක සාකච්ඡාව හෙට දිනයේ අගමැතිවරයා සමග සජිත් ප්‍රේමදාස මහතා සිදුකරන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad