sajith and mithri - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 6, 2019

sajith and mithri

දිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධ කර ගනිමින් නව සන්ධානයක් පිහිටුවීමට සූදානමක් ඇති බව ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිස අතර සාකච්චාවක් ඇතිව තිබේ.

මෙම නව සන්ධානයේ නායකයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත් කරන බවත් සදහන්ය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාත් අගමැති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් නම් කිරීමට යෝජනා වී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

ශ‍්‍රී ලංකාව නිදහස් පක්‍ෂය එජාපයේ සජිත් පිල ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන කිහිපයක එකමුතුවක් ලෙස මෙම නව සන්ධානය බිහි කරනු ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad