කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට අද දින ප්‍රධාන ජාතික පුවත්පතක පළව ඇති පුවත නිවැරදි නොවන බව පෙන්වා දෙමි.
ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ට පාර්ශව ගණනාවකින් ලැබුනු ඉල්ලීම් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් කරු ජයසූරිය මැතිතුමා විසින් පසුගිය (සැප් 17) දින ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරන ලදී.
එමගින් ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් දක්වා ඇති නමුත් එය ජනපති අපේක්ෂකත්වය ඉල්ලුම් කර නිකුත් කළ නිවේදනයක් නොවන බව ද සිහිපත් කරමි.
ස්තූතියි
මෙයට
චමින්ද ගමගේ
කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ මාධ්‍ය ලේකම්


No comments:
Post a Comment