තමන් ජනාධිපති අපේක්‍ෂක බව රනිල් කියයි.. අරලිය මැදුර වටලන්න සජිත් පිල සැරසේ.. වෙනම සන්ධානයකින් ජනාධිපතිවරණයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 20, 2019

තමන් ජනාධිපති අපේක්‍ෂක බව රනිල් කියයි.. අරලිය මැදුර වටලන්න සජිත් පිල සැරසේ.. වෙනම සන්ධානයකින් ජනාධිපතිවරණයට

ළැඹෙන 24 වන දා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මීලග ජනාධිපතිවරණය සඳහා තරග වදින එම පක්ෂ අපේක්ෂකයා තෝරා ගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කිරීමට එම පාර්ශවය දැනටමත් තීරණය කර ඇති බව සිරිකොත ආරංචි මාර්ග කියයි.

එදිනට පෙර දැනට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පුරප්පාඩු වී සිටින සභිකයින් පිරිසක් නම් කරගෙන බහුතරය සකසා ගැනීමට අගමැතිවරයා කටයුතු කරමින් සිටින්නේ යැයි ද වාර්තා වෙයි.

යම් හෙයකින් ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණහොත් සජිත් ප්‍රේමදාස මහතාට නාමයෝජනා භික්ෂුත්වය නොලැබුණහොත් 25වනදා අරලියගහ මන්දිරය වැටලීමට එම කණ්ඩායම සූදානමින් සිටින බවටද තොරතුරු ඇත.

එමෙන්ම ජනාධිපති අපේක්ෂක ධූරය ලබා නොදුනහොත් නව සන්ධානයකින් ජනාධිපතිවරණයට තරග කිරීමට එම පාර්ශවය කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

මේ අතර අගමැතිවරයා ඇමති රංජිත් අලුවිහාරේ මහතා සමග සඳහන් කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණය සඳහා තමන් ස්ථිරවම තරඟ වදින බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad