මේ සතියේ දී ද මේ සම්බන්ධයෙන් කොළඹ දී සහ මාතලේ ප්‍රදේශයේ දී සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබිණි.
ආණ්ඩුවේ අගමැති ධුරයට ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු ගේ නම් යෝජනා වී තිබේ.
නව ආණ්ඩුව සදහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ කිහිපයකම සහාය ලබාදීමට කැමැත්ත පළකර ඇතැයිද වාර්තා වෙයි.
නව ආණ්ඩුව සදහා පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කරන යෝජනාවට බහුතර ඡන්දයක් ලබා දීමට කැමැත්ත පළ කරන අත්සන් ලේඛනයක් ලබාගෙන එය ජනාධිපතිවරයා සමඟ වෙත ඉදිරිපත් කිරීමට ද යෝජනා වී ඇත.
නව ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක් වීමට නියමිත අතර ඔවුනට ඇමතිධුර ද යෝජනා වී තිබේ.
එසේ පිහිටුවන නව ආණ්ඩුව බොහෝදුරට ජාතික ආණ්ඩුවක් විය හැකිය ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම කටයුත්ත සාර්ථක වුවහොත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වීමද සිදුවනු ඇත.


No comments:
Post a Comment