සාමාන්‍යයෙන් තානාපති යනෙන විට තම රටේ ධජය එම වාහනයේ සවිකොටගෙන යා යුතුය. එසේම විදේශ රාජ්‍ය දූත සේවය හඟවන DPL ලකුණ තම නිල රථයේ පසුපස අලවාගෙන මාවතට අවතීර්ණ වීම සිරිතකි. එම ලකුණු දෙක හඳුනා ගත්තෝද ආරක්ෂක අංශද එබඳු විදේශ දූත සේවා නිලධාරින්ට යම් ප්‍රමුඛතාවක් ලබා දෙයි.
පසුගිය දින ශ්‍රී ලංකා ධජය සවිකොට තිබුණු වැඩබලන තානාපතිගේ බෙන්ස් රථය අබුඩාබි කලීෆා නගර උසාවි සංකිර්ණයට ඇතුල් වුයේ තවත් DPL ලකුණ වාහනයක් ද පිරිවරාගෙන දෙවැනි වරටය.
සාමාන්‍යයෙන් විදේශීය රාජ්‍ය තානාපතිවරයකු යම් කිසි රටක අධිකරණවලට වලට සහභාගී වීමක් සිදුනොවන අතර තානාපති තනතුරට නඩු පැවරීමක් සිදු නොවන්නේය. එබැවින් උසාවිය විසින් තමන්ව හෝ තම රාජ්‍යය වෙත කිසිදු කැදවීමක් නොකරන අවස්ථාවක, එරටේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ අධිකරණ කටයුතු අමත්‍යාංශයේ ලිඛිත අවසරයක් හෝ නොමැතිව තානාපති ලෙබ්බේ තම සේවකයින් පිරිවරාගෙන උසාවි පැමිණියේ මන්දැයි අධිකරණයේ නිලධාරීන් විමතිය පළකර සිටියේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරු වන සහරාන් හෂීම්ගේ උපන්ගම වූ කල්මුණේ ප්‍රදේශයේම උපන්ගම වූ මෙම තානාපතිවරයාට අදාල නඩු ශාලාවට ඇතුල්වීමට අවසර නොදීමෙන් කුපිත වී තම පරිවර්තකයාට දොස් කියමින් පැය 5 කට වැඩි කාලයක් උසාවි කොරිඩෝවේ වතුර බෝතලයක් අතේ තබාගෙන ඇවිද ඇවිද සිටිනවා දකින ලදී.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින් දෙලක්ෂ තිස්දහසක් ආසන්න පිරිසක් සේවය කරන අතර එහි බහුතරය ගෘහසේවිකාවන් වන්නේය. එසේ නමුත් එහි ලාංකිකයන්ගේ ප්‍රශ්නවලට උදව්වක් හෝ නිසියාකාරව පිළිතුරක් හෝ මෙම තානාපතිවරයාගෙන් නොලැබෙන බව රහසක් නොවන්නේය.
එක්සත් එමීර් රාජ්‍යයේ සිරගෙවල් වල අසරණවී දුක්විඳින අපේ ලාංකිකයන් වෙනුවෙන් කිසිදු අවස්ථාවක එරට උසාවියට හෝ හිරගෙදරට යාමට අකමැති අබුඩාබි ශ්‍රී ලංකා තානාපතිගේ රාජකාරියට අයත් නොවන මෙම රාජකාරිය කුමක්ද? එය කාගේ නියෝගයක් ද? කෙසේ නමුත් දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් කඩකරමින් හොරෙන් උසාවියට ඇතුල් වී එහි පැය ගණන් රස්තියාදු වෙමින් මෙසේ ඔට්ටු වෙන්නේ ජනාධිපත්වරණයට පෙර හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ලංකාවට කුදලාගෙන ඒ මටයි. එසේ නමුත් උදයංග වීරතුංග තවදුරටත් එම නඩුවට පෙනීසිටිය යුතු බැවින් ලංකාවට පිටුවහල් කිරීමට නොහැකි වීම හේතුවෙන් සහරාන්ගේ ගමේ තනාපති ලෙබ්බේ වෙනුවට නව තානාපතිවරයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කර ඇත.
– lankaweb


No comments:
Post a Comment