ඇමරිකා නිලධාරීන් පිරිසක් හිල්ටන් හෝටලයට පුපුරණ ද‍්‍රව්‍ය ගෙනැවිත්.. බෑග් පරීක්‍ෂාවට ඉඩ නොදේ.. ඇමරිකා තානාපති කාර්යාලයෙන් උදවු - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

ඇමරිකා නිලධාරීන් පිරිසක් හිල්ටන් හෝටලයට පුපුරණ ද‍්‍රව්‍ය ගෙනැවිත්.. බෑග් පරීක්‍ෂාවට ඉඩ නොදේ.. ඇමරිකා තානාපති කාර්යාලයෙන් උදවු

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙම අදහස් පල කලේය.

පසුගිය ජූලි 30 වැනිදා රාත්‍රී කාලයේ දී හිල්ටන් හෝටලයට අමුත්තන් 05-06 දෙනෙක් පැමිණ තිබෙනවා. ඔවුන් අත විශාල ප්‍රමාණයේ බෑග් 06ක් පමණ තිබිලා. එම බෑග් ස්කෑන් පරීක්ෂාවට යොමු කරන්න බැහැ කියලා ඔවුන් කියනවා.

හිල්ටන් හෝටලයේ ආරක්ෂක අංශ එහෙම නම් හෝටල් කාමරවලට ඇතුළු වෙන්න බැහැ කියපුවාම මේ අය එක බෑගයක් පමණක් ස්කෑන් පරීක්ෂාවට ලබා දෙනවා. අනෙක් බෑග් KL – 6586 අංකය සහිත ජීප් රථයට පටවා යවා තිබුණා. (ඊට අදාළ ඡායාරූප හා තොරතුරු සියල්ල මාධ්‍ය වෙත පෙන්වයි)

අපට ලැබුණු මේ තොරතුරු අනුව මේ පිරිස පැමිණ ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක් මගින්. ඒ අය ඇමරිකානු ආරක්ෂක හමුදාවන්හි නිලධාරීන් පිරිසක්. එක් අයෙක් මර්සියස් ඇලෙක්සැන්ඩර් මැක්ලේන්. ඔහු එක්සත් ජනපද යුද හමුදාවට අයත් කෙනෙක් (හැඳුනුම්පතෙහි ඡායාපිටපතක් පෙන්වයි). මේ අනෙක් හතරදෙනාගේ වීසාවල ඡායාපිටපත්. ඉහත කී වාහනය මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලයට අයත් එකක්. මේ පිරිස දින දෙකකට පසුව මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.

තමන් ගෙනා බෑග් මෙරට තුළ තිබියදී තමයි ඔවුන් ආපසු යන්නේ. ඒවායේ තිබුණේ පරීක්ෂාවට ලක්කිරීමට දිය නොහැකි දේවල් නම් ඒ පුපුරන ද්‍රව්‍ය විය නොහැකි ද?

අද මේ රට ඇමරිකා එක්සත් ජනපදයට ඕනෑම දෙයක් කළ හැකි රටක් බවට පත්ව තිබෙනවා. අපි සොයා බැලුවා, මීට පෙරත් මේ විදියට පරීක්ෂාවකින් තොරව රට තුළට ‘ගමන් මලු’ රැගෙනවිත් තිබෙනවා.

ඔබ දන්නවා අයිඑස්අයිඑස් සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපද නිර්මාණයක්. සතුරා හදන්නෙත් ඒ අය. සටන් විකුණන්නෙත් ඒ අය. මේ තත්ත්වය මේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බව පෙන්වා දිය යුතුයි. රටේ ස්වෛරීභාවයට හානිකර මෙවැනි ක්‍රියා පිළිබඳ බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුයි.

– අනුරුද්ද බණ්ඩාර


No comments:

Post a Comment

Post Bottom Ad