සජිත්ට අපේක්‍ෂකත්වය ඉල්ලා සත්‍යග‍්‍රහයක් අරඹයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 20, 2019

සජිත්ට අපේක්‍ෂකත්වය ඉල්ලා සත්‍යග‍්‍රහයක් අරඹයි !

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සහ අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාව නම් කල  යුතු බව පවසමින් ජාතික මහජන සභාවේ කමිටු සමාජිකයන් දෙදෙනෙක් සත්‍යයග්‍රහයක් ආරම්භ කර තිබේ.

ජාතික මහජන සභාවේ කමිටු සමාජික ජෙනාස්ටර් ඩැනියල් නොයල් සහ ත්‍යාගරාජා කලෙයිචෙල්වම් යන සමාජිකයන් දෙදෙනා බගවන්තලාව කර්කස්වොල් වතුයායේ ශ්‍රි මුත්තු අම්මාරියන් කොවිලේ සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබ අැත.

කෝවිලේ ආගමික වතාවන් පවත්වා සත්‍යයග්‍රහයේ නියැලි සිටින එම සභාවේ කමිටු සමාජිකයන් දෙදෙනා කියා සිටින්නේ වතුකරයේ ජනතාව සහ සමස්ත රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉල්ලනු ලබන්නේ සජිත් ප්‍රේමදාස මහතාව බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස වෙනත්  අපෙක්ෂකයෙකු ඉදිරිපත් නොකර  අමාත්‍යය සජිත්ප්‍රේමදාස මහතාවම ඉදිරිපත් කරන ලෙස සත්‍යග්‍රහයේ නියැලි සිටින සමාජිකයන් දෙදෙනා අවධාරණය කර සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad