කටුනායක අධිවේගය අසල කුණු කන්දක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 20, 2019

කටුනායක අධිවේගය අසල කුණු කන්දක්

ඳාන පොලිස් බල සීමාවේ නැදුරුපිටිය ප්‍රදේශයේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය අද්දර සත්ව අපද්‍රව්‍ය හා කැළි කසල සහිත කුණු කන්දක් ගොඩ ගැසෙමින් තිබෙන බව ප්‍රදේශවාසීන් අවධාරණය කරයි. මුතුරාජවෙල අභය භූමිය සීමාවේ මාස කිහිපයක සිට මෙම කුණු කන්ද ක්‍රමයෙන් විශාල වෙමින් පවතින බවද ප්‍රදේශයේ ජනතාව පවසති.
විවිධ වාහන වලින් රාත්‍රී කාලයේ මෙන්ම දහවල් කාලයේදී මෙම ස්ථානයට කුණු රැගෙන එන බව පැවසෙයි. සත්ව අපද්‍රව්‍ය විශාල වශයෙන් මෙම කුණු සමග රැගෙන ඒම නිසා ඒවා කුණු වීමෙන් අවට දැඩි දුර්ගන්ධයක් පැතිරෙමින් තිබේ. එසේම මැසි ආදී සතුන් මාර්ගයෙන් අවට නිවැසියන්  හට මෙම කුණු ගොඩහි ඇති විෂබීජ පැතිර යාමේ අවදානමක් වේ. ආසන්නයේ ඇති පැරණි ඕලන්ද ඇල මාර්ගයටද වර්ෂාවත් සමග ගලාගෙන යාම නිසා එම ඇළ මාර්ගය ද දුෂණය වීමේ ප්‍රවණතාවක් වෙයි. තවද කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා විදේශීය හා දේශීය පුද්ගලයන්ට ද මෙම කුණු ගොඩ අපුල දර්ශනයකි.

ප්‍රසංග පාවුළුහේවා


No comments:

Post a Comment

Post Bottom Ad