ජනපතිවරණය ප්‍රකාශ කල දිනයේම බොදු බලයෙන් කල ඉල්ලීම මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 18, 2019

ජනපතිවරණය ප්‍රකාශ කල දිනයේම බොදු බලයෙන් කල ඉල්ලීම මෙන්න

මුහුදු මහ විහාරය බේරාදෙන ලෙස ඉල්ලා බදුල්ල බොදුබල සේනා සංවිධානය විසින් ජනතා පෙත්සමක් ඊයේ (18දා) දිනයේදී උෟව පළාත් ආණ්ඩුකාරවරයාට සහ උෟව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට භාරදෙන ලදී.

බොදුබල සේනා සංවිධානයේ මූලිකත්වයෙන් පසුගිය පොහෝ දින බදුල්ල මුතියංගණ රාජමහා විහාරය අබියසදී ජනතා පෙත්සමකට අස්සන් තැබුණු අතර ඒ සඳහා දසදහසකට අධික පිරිසක් අස්සන් තබා තිබිණි.

එසේ ලබාගත් අස්සන් ලේඛන උෟව පළාත් ආණ්ඩුකාරවරයාට ලබාදීමට බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයන් කටයුතු කළ අතර ආණ්ඩුකාරවරයා වෙනුවෙන් එහි වැඩබලන ලේකම් ඩබ්.එම්. ආනන්ද මහතා අස්සන් ලේඛනය භාරගත් බවත් උෟව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාටද එම අස්සන් ලේඛනයේ පිටපතක් භාර දුන් බවත් බොදුබල සේනා සංවිධානය බදුල්ල, මුතියංගණ රාජමහ විහාරය අබියසින් සාමකාමී පෙළපාළියකියෝ බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයන් අස්සන් ලේඛන භාරදීමට පැමිණ සිටියහ.

දෙමෝදර -  ජයලත් දිසානායක


No comments:

Post a Comment

Post Bottom Ad