එළු කූඩුවක් යටින් සහරාන්ගේ ආයුධ මතුවෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 18, 2019

එළු කූඩුවක් යටින් සහරාන්ගේ ආයුධ මතුවෙයි !

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අක්කරෙයිපත්තු පාලමුණෙයි ප්‍රදේශයේ ඉඩමක වල දමා තිබිය දී අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් ටී-56 ගිනි අවියක් සමඟ තවත් පුපුරණ ද්‍රව්‍ය රැසක් ඊයේ (18) සොයා ගෙන තිබේ. ඒ අනුව ටී-56 ගිනි අවියක් සජීව පතරොම් 30 ක් හා එම මැගසින් 1 ක් සොයා ගෙන තිබේ.

ඩෙටනේටර් 7ක්, ජෙලට්නයිට් කුරූ 4 ක්, වයර්, ඇමෝනියා, යුරියා, ඇතුළු භාණ්ඩ කීපයක් ද සොයා ගැණුන භාණ්ඩ අතර වෙයි.

මෙම අවි ආයුධ අදාළ ඉඩමේ එළු කූඩුවක් යටින් වල දමා තිබිය දී සොයා ගෙන ඇතැයි පැවසේ.

මෙම අවි ආයුධ සහරාන්ගේ ඇතුළු කණ්ඩායම විසින් සඟවා තබන්නට ඇතැයි මේ වන විට පොලිසිය සැකපළ කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad