ඇමතිගේ අත්තනෝමතික තීරණ නිසා විද්‍යාපීඨ අවුලේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 3, 2019

ඇමතිගේ අත්තනෝමතික තීරණ නිසා විද්‍යාපීඨ අවුලේ !

මෙහි දැක්වෙන්නේ පළාත් සභා ගුරු සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයකි.

2016/2017 නව විද්‍යාපීඨ බදවාගැනිම් සැප්තැම්බර් මස 12සහා16 දෙදිනයන්හි දිවයින පුරා නව විද්‍යාපීඨ 19හි සිදුකිරීමට නියමිතව තිබිනි.

කෙසෙ වෙතත් විද්‍යාපීඨයන්හි 4500ක පිරිසකට ඉඩකඩ පහසුකම් පැවැතුනත් මෙවර 8000ක් බදවාගැනිම වෙනුවෙන් නව ඉදිකිරීම් ඇරබුනු නේවාසිකාගාර, නව පන්තිකාමර, භෝජනාගාර සදහා උපකරණ, අනෙකුත් බොහෝ අවශ්‍යතාවන් 50%ක් හෝ බොහෝ විද්‍යාපීඨ වල සම්පුර්ණ වී නොමැත.අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා ගේ මෙම සැලසුම් රහිත තීරණ නිසා නව බදවාගැනිම් සැප්තැම්බර් මාසය තුලද සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උදාවි ඇත.

නියමිත බදවාගැනිම් සිදුකිරීමට තිබු කාලය පසු වී වසරකට වැඩි කාලසීමාවක් ගතව ඇතත් සම්මුක පරීක්ෂණ වලට පැමිනි සිසුන් විශාල පිරිසකට දිගු කාලයක් බලාසිටිමට සිදුව ඇත.

තවද සුදුසුකම් ලැබු සිසුන් පිලිබදව නිසි තොරතුරක් හෝ නොසැපයිම නිසා සිසුන්ට විශ්වවිද්‍යාල තුල ලියාපදිංචි වීමටද බාදාවක් වී ඇත.

එබැවින් ඉදිරි මැතිවරණයක ජන්ද ලබා ගැනිම දඩමීමා නොකොට ඉක්මනින් මෙම බදවාගැනිම් කරන මෙන් ඉල්ලා සිටිමි.

ප්‍රියත් බන්දු විජේරත්න
ලේකම්
පළාත්සභා ගුරු සංගමය


No comments:

Post a Comment

Post Bottom Ad