හකීම් එජා පෙරමුණෙන් පන්නයි.. අගමැතිගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගන්නයි දන්වයි.. හොරෙන් සමාව ගන්න හකීම් එයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 21, 2019

හකීම් එජා පෙරමුණෙන් පන්නයි.. අගමැතිගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගන්නයි දන්වයි.. හොරෙන් සමාව ගන්න හකීම් එයි..

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම් මහතා එක්සත් ජාතික ‌පෙරමුණෙන් ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම තීන්දුව අනුව ආසන්නයේදීම පැවති එජාපෙ පක්ෂ නායක හමුවටද ඔහුට ආරාධනා කර නැත.

පෙර කැබිනට් මණ්ඩලයේදී හකීම් මහතා අගමැතිවරයාට දැඩි ස්වරයෙන් බැණ වැදීම හා කැබිනට් හමුවෙන් පසු මාධ්‍ය හමුවේ කල අදහස් දැක්වීමත් හේතුවෙන් මෙම තීරණය ගත් බව වාර්තා විය.

ප‍්‍රසිද්ධියේ සමාව ගන්නා තෙක් හකීම් මහතා නැවතත් එජා ‌පෙරමුණේ කිසිම සාකච්ජාවකට එක් කර නොගැනීමටද තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ඇමති හකීම් අගමැතිවරයා මුණ ගැසී තම කණගාටුව ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වන අතර ඊයේ දිනයේදී අගමැතිවරයා සමග උත්සව කිහිපයකටද සහභාගී වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad