එක්සත් ජාතික පක්ෂය යනු බ්‍රෑන්ඩ් එකක් බවත්, ඉන් පිට ගොස් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය ලබාගත නොහැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණහොත් ඔහු එජාප පෙරමුණේ පක්ෂ සමඟ එක්ව වෙනත් සන්ධානයක් පිහිටුවීමට සූදානම් වන බවට පැතිර ඇති රාවය සම්බන්ධයෙන් කළ විමසීමකදීය.
වැඩිදුරටත් ඔහු මෙසේ කියා සිටියේය.
"පසුගිය මැතිවරණ ඉතිහාසය ඇනලයිස් කළොත් මේක සොයාගන්න පුළුවන්..විශේෂයෙන් ජනාධිපතිවරණ ඉතිහාසය ගත්තොත් 1982 සිට 2015 දක්වා 1982 - 2015 අපේ එජාප අපේක්ෂකයා දිනනවා..ඡන්ද වැටිච්ච ප්‍රමාණය බැලුවොත් 81%ක් වැටිල තියෙනවා…ඊළඟට අපි පරාජය වෙච්ච මැතිවරණ අතරේ..චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ හතරම ගත්තම වැඩිම ඡන්ද වැටිල තියෙන්නේ 74%යි..මේක තමයි මේ බ්‍රෑන්ඩින්එකේ වැදගත්කම…”
ඒ කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයා එක්සත් ජාතික පක්ෂයෙන් පිට ඡන්දය දෙන්නේ නෑ..ඒක තමයි ඉතිහාසය පුරා පෙන්වල තියෙන්නේ…මීට කලින් එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිල ගිහින් රාජා අලිය හදපු කණ්ඩායමට මොකද වුණේ…අපි දැක්කනේ ඒකාලේ ලෝකයම දන්න පතාක යෝධයෝ වගේ ඉන්න අයනේ එහෙම කළේ…පතාක යෝධයෝ තුන්දෙනෙක් කඩාගෙන ගිහින්නේ ඒ පක්ෂය හැදුවේ…අවසානයේ කිසිදෙයක් වුණේ නෑ..ඒ නිසා UNP කාරයෝ කියන බ්‍රෑන්ඩ් එක අතට නොගෙන තනියෙන් ගිහින් දිනන්න බෑ…පරදිනවා කූජීත වෙනවා කඩාගෙන යන පාර්ශවය”
"ඒත් එක්සත් ජාතික පක්ෂය නොසැලී තියෙනවා…ඒක තමයි ඉතිහාසය අපිට පෙන්නුම්කරල තියෙන්නේ..ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු සියළුදෙනා එකතුවෙලා එක සටනක් දුන්නොත් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කරගනු ලබන අපේක්ෂකයා දිනවන්න පුළුවන්…"
Saturday, September 21, 2019
"UNP කාරයෝ බ්‍රෑන්ඩ්එකෙන් පිට ගියොත් පරදිනවා කුජීතවෙනවා"
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment