දූෂණය වංචාව අල්ලස තුරන්කර යහ පාලනය ඇති කිරීමට 2015 ජනවාරි මස පාලන බලය ලබාගත් වත්මන් රජය බලයට පත්වූ විගස කුප්‍රකට මහ බැංකු මංකොල්ලයට අදාලව චෝදනාවට ලක්වූ බව ජාතික සමතා බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සම කැඳවුම්කරු බන්ධුල සුබසිංහ මහතා සඳහන් කරයි
බලය ලබාගැනීමෙන් අනතුරුව එලඹුන වසර හතර පුරාවටම ශාලාව අවි ගබඩාව පිපිරවීම,අධිවේගී මාර්ග වලින් හොරා කෑම,රණවිරුවන් ට එරෙහි කොටි ඩයස්පොරාව ගෙන ආ යෝජනාවලට ජාත්‍යන්තරය හමුවේ සම අනුග්‍රහය දැක්වීම,දිගින් දිගටම මැතිවරණ පැවැත්වීම මඟහැර සිටීම, තම බලය පවත්වාගෙන යාමට අභියෝගයක් වන පුද්ගලයන් මර්ධනයට නීතිය මෙවලමක් ලෙස යොදා ගැනීම,සංවර්ධනය අඩාල වීමට ඉඩහැරීම,ආර්ථිකය විනාශ කිරීම ජනතාව වෙත අධික බදුබර පැටවීම,රජයේ අරමුදල් අවභාවිතය, ආදී ජනතා ද්‍රෝහී කියාවන් පිළිඹඳ දිගින් දිගටම රජයට චෝදනා එල්ලවූ බව සඳහන් කල ඒ මහතා..
අවසානයේ ජාතික ආරක්ෂාව උවමනාවෙන්ම නොසලකා හැරීම නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ බවටත් එහිදී සහ ඉන්පසු ඇතිවූ තත්ත්වයන් හමුවේ පවා රජය වගකීම් විරහිත ලෙස ක්‍රියාකල බවටත් ජනතාව චෝදනා කරනු ලබන බව සඳහන් කලේය.
මේ සියලු ක්‍රියාවන්ට රජයේ සියලුම මැති ඇමතිවරුන් පාහේ අඩු වැඩි වශයෙන් සම්මාදම් වීමේ ප්‍රතිඵලය ලෙස අදවන විට එජාපයට ජනාධිපති වරණය සඳහා ඉදිරිපත් කිරීමට ජනතා විශ්වාස දිනාගත හැකි අපේක්ෂකයෙකු සොයා ගැනීම මහත් දුශ්කර කාර්‍යයක් බවට පත්ව ඇති බවත්..
මේ තත්ත්වය කල්තබා හඳුනා ගත් එජාප ප්‍රභලයන් ජනාධිපතිවරණය ද මඟ හැර සිටීමට හැකි සෑම උත්සාහයක්ම ගනු ලැබූවද ඒ සියල්ල අසාර්ථක වූ බවත්....ඒ සියල්ල අසාර්ථක වූ පසුබිමක එජාප ජනපති අපේක්ශකත්වය සජිත් ප්‍රේමදාසට ලබා නොදෙන බව අඟවමින් කරු ජයසූරියට එය ලබා දීමට සැරසෙන බවට රඟ දක්වමින් රනිල් වික්‍රමසිංහ සිදු කරනු ලබන්නේ රංගනයක් බවත් ඔහු සහ එජාප නඩය මෙම රඟ දැක්වීම සිදු කරනු ලබන්නේ නව මාතෘකාවක් නිර්මානය කර හෝ පසු නොබලා එජාපය වෙතින් පලායන ජනතාව නැවත එජාපය වෙතට හරවා ගැනීමට බවත්, සැඩ පහරට හසුවී ගසාගෙන යන මිනිහා පණ බේරාගැනීමට පිදුරු ගසේත් එල්ලෙන්නාක් මෙන් තම නියත පරාජය හමුවේ සිටින එජාපයේ මෙවන් කූඨ උපක්‍රම වලට හසු නොවී මෙවර ජනාධිපති වරනයේදී බුද්ධිමත් ලෙස කටයුතු කිරීම ජනතාවගේ වගකීම බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
Friday, September 20, 2019
Home
ප්රවෘත්ති
එජාප ජනපති අපේක්ෂක ගැටුම බොරුවක් ඒක රනිල්ගේ ගැටයක් - ජාතික සමතා බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කැඳවුම්කරු බන්ධුල සුබසිංහ හෙළි කරයි
එජාප ජනපති අපේක්ෂක ගැටුම බොරුවක් ඒක රනිල්ගේ ගැටයක් - ජාතික සමතා බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කැඳවුම්කරු බන්ධුල සුබසිංහ හෙළි කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment