වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට එන්නැයි සජිත්ට ඉල්ලීම් ගලයි… සජිත් බෑ නොකියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 20, 2019

වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට එන්නැයි සජිත්ට ඉල්ලීම් ගලයි… සජිත් බෑ නොකියයි

දිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් නව පුළුල් සන්ධානයකින් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වදින ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉල්ලීම් ගලා එමින් පවතින බව වාර්තා වෙයි.

එම පෙරමුණේ හවුල්කාර පක්ෂවල නායකයන් මෙන්ම පාර්ලිමේන්තු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇමතිවරයාගේ මෙම ඉල්ලීම කරමින් ඇතැයි සඳහන්ය.

එමෙන්ම වෘත්තීය සමිති නායකයන් මහාසංඝරත්නය සෙසු ආගමික නායකයන් ද ඔහුගෙන් ඉල්ලීම් කරන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් එජාපයෙන් අපෙක්‍ෂකත්වය ලැබේ යයි තව දුරටත් බලාපොරාත්තුවෙන් එම පාර්ශවය පසුවන අතර ස්ථිරවම තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කර ඇතත් ඒ එක්සත් ජාතික පක්‍ෂයෙන්මදැයි කියා නැත.


No comments:

Post a Comment

Post Bottom Ad