මලික්ගේ පිම්මෙන් පසු සජිත් පිල සසල වේ. සුළු පක්ෂ නායකයින් දෙන්නෙක් වැට උඩ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 21, 2019

මලික්ගේ පිම්මෙන් පසු සජිත් පිල සසල වේ. සුළු පක්ෂ නායකයින් දෙන්නෙක් වැට උඩ !

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිලේ කැරලි නායක මලික් සමරවික්‍රම මහතා යළි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වීමෙන් අනතුරුව මෙතෙක් සජිත් පිලට සහාය දෙන බවට පොරොන්දු වී සිටි සුළු පක්ෂ නායකයින් දෙදෙනෙක් ද තම තීරණය ආපසු හැරවීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ.

ඒ, ඔවුන් දෙදෙනාව සජිත් පිලට සහාය දීමට එකඟ කරවාගෙන තිබුණේ මලික් සමරවික්‍රම මහතා විසින් වීම නිසාය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා සජිත්ට සහාය දීමට තමන් ඉදිරිපත් කළ කොන්දේසි පිළිබඳ කේවල් කර, සජිත් යටතේ තමන්ට ලැබෙන තනතුරු ඇතුළු ගනුදෙනු සම්බන්ධයෙන් තමන්ට පොරොන්දු ද ලබාදුන් මලික් සමරවික්‍රම මහතාත් ආපසු රනිල් කරාම ගිය තත්වයක් තුළ තමන්ගේ දේශපාලන අනාගතයෙහි සුරක්ෂිතතාව වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඊයේ (21) රාත්‍රියේ අදාළ සුළු පක්ෂ නායක අමාත්‍යවරුන් දෙදෙනා දීර්ඝ දුරකථන සංවාදයක නියැළී ඇති බව සඳහන්.

ඒ අනුව ඔවුන් දෙදෙනා ද සජිත් පිලට සහාය දීම පිළිබඳ තම ස්ථාවරය නුදුරේදීම වෙනස් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ අතර තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පවත්නා තත්වය සම්බන්ධයෙන් කළකිරීමට පත්ව, තමන් රැවටීමකට ලක්වූයේදැයි යන්න ගැන සැකයෙන් යුතුව නිහඬ වීමට තීරණය කරගෙන සිටින බවත් වාර්තා විය.

-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad