ජනපතිවරණයට ස්වාධීනව ඉල්ලන්න මන්ත්‍රීවරයකුව නොසිටි කාටවත් බෑලු ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 3, 2019

ජනපතිවරණයට ස්වාධීනව ඉල්ලන්න මන්ත්‍රීවරයකුව නොසිටි කාටවත් බෑලු !

නාධිපතිවරණයට ස්වාධීනව තරග කළ හැක්කේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකුට හෝ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකුට හෝ පමණකැයි මැතිවරණ කොමිෂන් සභාවේ
ප්‍රකාශකයෙක් පැවසිය.

ඒ අනුව කිසියම් පුද්ගලයකු ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කරන්නේ නම් ඔහු කිසියම් කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ බව සහතික කරමින් පාර්ලිමේනතුවේ මහලේකම්වරයාගේ ලිපියක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ද ඔහු කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව නොසිටි කිසිදු පුද්ගලයකුට ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කළ නොහැකි බව ද හෙතෙම පැවසීය. එහෙත් පිළිගත් දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් වන  අපේක්‍ෂකයකුට එම නීතිය බලනොපාන බව ද හෙතෙම පැවසීය. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ විධිවිධාන අනුව ස්වාධීන අපේක්‍ෂකයින්ට මෙම නීතිය වලංගුවේ.

රංජන් කස්තුරි


No comments:

Post a Comment

Post Bottom Ad