ජනාධිපති අපෙක්‍ෂක කරු ජයසූරියයි..- කිරිඇල්ල කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 18, 2019

ජනාධිපති අපෙක්‍ෂක කරු ජයසූරියයි..- කිරිඇල්ල කියයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා කතානායක කරු ජයසූරිය මහතා වනු ඇති බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දී පැවති පක්ෂ නායක හමුවෙන් පසු ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයකු විසින් කළ විමසීමකදීය.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේදී ව්‍යවස්ථානුකූලව පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා තීන්දුවක් ගන්නා බව ද ඔහු සඳහන් කර ඇත.


ආවොත් කරු ජාති දෙ‍්‍රා්හියෙක්.. ජනතා සටන පාවා දෙන්නෙක්..- කෝප වූ සජිත් පිලෙන් කරු ඉකක්ක කර  කුණු බැණුම්

මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා මෙවන් අදහසක් ප්‍රකාශ කරනු ලැබුවා මුළු රටේම ජනතාව අභිලාෂය වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා බවට පත්වීම බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක පලිහ ලෙස බෙල්ල දෙන්නට කතානායක කරූ ජයසූරිය මහතා සූදානම් වන්නේ නම් එය ජනතා ද්‍රෝහී ක්‍රියාවක් බවද ඔහු කියා සිටියේය.

එය පැහැදිලිවම ජනතා සටන පාවා දීමක් බවද ඔහු පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad