එජාපෙ නායක හමුවද ගාලගෝට්ටියක් වේ.. අසාර්ථකව අවසන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 19, 2019

එජාපෙ නායක හමුවද ගාලගෝට්ටියක් වේ.. අසාර්ථකව අවසන්

දිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ දී පැවැති එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සාකච්ඡාව ද අසාර්ථක වී තිබේ.

මෙම හමුව පැවැත්වුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දීය.

එයට සහභාගි වූ මැති ඇමතිවරුන් කියා සිටියේ එම හමුව ද දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත් බවයි.

මෙම අසාර්ථකත්වය මත එම සාකච්ඡාව නැවත වතාවක් හෙට දිනය දක්වා කල් දමා ඇති බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad