ජනාධිපතිවරණය සදහා ඇප මුදල් භාරගැනිම අදින් ඇරඹෙයී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 18, 2019

ජනාධිපතිවරණය සදහා ඇප මුදල් භාරගැනිම අදින් ඇරඹෙයී


ලබන මස 06 වනදා දහවල් 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
මේ වන විට දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 18ක් පමණ ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මහතා ද, පෙරටුගාමි සමාජවාදී පක්ෂය දුමින්ද නාගමුව මහතා ද, අපේක්ෂකයන් ලෙස නම් කර ඇත.
ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්විමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.
ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කෙරුණි.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 වනදා පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා සිදු කිරිමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad