palitha range bandara - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 18, 2019

palitha range bandara

ථානායක කරූ ජයසූරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යෝධ පුරුෂයෙක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

රංගේ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ ඊයේ  (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.


කරූ ජයසූරිය මහතාට මහා සංඝ රත්නයේ විශ්වාසය පවතින අතර සිවිල් සංවිධානවල විශ්වාසයද ඔහු කෙරෙහි පවතින බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

එමෙන්ම ජාත්‍යන්තරය සමඟ ඉතා හොඳින් කටයුතු කර ඇති අතර කරූ ජයසූරිය මහතා පරිණත පුද්ගලයෙක් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වන විට කරු ජයසූරිය මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස මහා සංඝ රත්නයෙන්, දේශපාලන පක්ෂ වලින් මෙන්ම සිවිල් සංවිධාන වලින් ආරාධනා කර ඇති අතර ඒ අනුව ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ බවත් එහි වරදක් තමන් නොදකින් බවත් රංගේ බණ්ඩාර මහතා පැවසුවේය.


No comments:

Post a Comment

Post Bottom Ad