සජිත්ට දෙන්නේම නෑ,අගමැති දැඩි තීන්දුවක,සජිත් පිල වියරු වැටී කොළඹ වටලන්න එයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 20, 2019

සජිත්ට දෙන්නේම නෑ,අගමැති දැඩි තීන්දුවක,සජිත් පිල වියරු වැටී කොළඹ වටලන්න එයි.


එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පුරප්පාඩු වී පවතින සාමාජිකයන් 30 දෙනෙකු කඩිමුඩියේ පත් කිරීමට එම පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

එසේ පත් කිරීමෙන් පසු කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි ‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කර ඇත.

එහිදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමටද අගමැතිවරයා සූදානම් වන බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර මෙම කටයුත්තට දැඩි විරෝධය පළ කරමින් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම මාධ්‍ය අමතමින් කියා සිටියේ ඉදිරි පැය 72 ඇතුළත සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් නොකළහොත් කොළඹ වටලන බවයි.

මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති අපේක්‍ෂකත්වය කිසිසේතම සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදෙන ස්ථාවරයක අගමැතිවරයා සිටින බවයි.
-Lankacnews.
Loading...

No comments:

Post a Comment

Post Bottom Ad