එම සැකකරුවන් දෙදෙනා විදේශගත වීම වළක්වන නියෝගයක්ද නිකුත් කළ මහෙස්ත‍්‍රාත්වරයා වහාම එම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන් වෙත යැවීමටද නියෝග කළේය.
එම සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ සහ පොදු දේපළ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනා යටතේ නඩු පවරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව ඔවුන් පදිංචි නිවාසවලට පොලිස් කණ්ඩායම් දෙකක් පිටත්කර හැරිය නමුත් ඔවුන් එම නිවාසවලින් බැහැරව සිටිනා බවත් පැවසූ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔවුන් රටින් බැහැරව යෑමට ඉඩ ඇති බවද අධිකරණයට කියා සිටියේය.
පසුගිය රාජ්‍ය සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ සඳහිරු සෑයේ තැන්පත් කළ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම සඳහා රේගුව භාරයේ තිබූ රත්තරන් කිලෝ 8 ක් එම සැකකරුවන් විසින් ලබාදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ.
උතුරු මුහුදේ දී නීති විරෝධී අන්දමින් ප‍්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් රත්තරන් කිලෝ 45.3 ප‍්‍රමාණයක් රාජසන්තක කිරීම සඳහා ශ‍්‍රී ලංකා රේගුව භාරයට පත්කර තිබියදී ඉන් කිලෝ 8 ක් එලෙස රේගු ආඥා පනතට පටහැනි ආකාරයෙන් ලබාදීම සිදුකර ඇතැයි ද විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ.
ඒ අනුව එකී නියෝග නිකුත් කළ අධිකරණය එම නඩුව ලබන ඔක්තෝබර් 8 වැනිදා දක්වා කල්තැබීමට ද නියෝග කළේය.
-Divaina
Loading...

No comments:
Post a Comment