president election - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 18, 2019

president election

ම ජනාධිපති ධුරයේ කාල සීමාව අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සදහා ජනාධිපතිවරයා කඩිනමින් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මේ සදහා වූ අවසන් ලේඛණ ඊයේ දිනයේදී ප‍්‍රධාන පෙලේ නීතීඥයන් කිහිප දෙනෙකු විසින් සකස් කර බාර දී ඇතැයිද සදහන්ය.

මෙම මතය විමසීම අවසන් වන තුරු ජනාධිපතිවරණයේ නාම යෝජනා කැදවීම අත්එිටුවමින් අතුරු තහනමක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටීමටද සූදානමක් ඇති බව ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරයාගේ පාර්ශවයේ මතය වී ඇත්තේ ජනාධිපතිගේ ධුර කාලය ආරම්භ වන්නේ කතානායකවරයා 19 සංශෝධනයට අත්සන් තැබූ සිට වසර 05ක් එනම් 2020 මැයි මස 15 වන දින දක්වා බවයි.

කෙසේ නමුත් විපක්‍ෂය ප‍්‍රශ්ණ කරන්නේ කතානායකවරයා ඊට අත්සන් තැබුවේ මෙම 2019 වසරේ නම් ජනාධිපතිවරයාට 2024 දක්වා ධුරයේ රැදී සිටිය හැකිද යන්නයි.


No comments:

Post a Comment

Post Bottom Ad