මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය. “ජනාධිපතිවරණයේදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයා ජන්ද ලක්ෂ පනස් හතර දහසකට වඩා ලබාගෙන තියෙනවා. රටේ මිනිස්සු අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයගේ වැඩපිළිවෙළ විශ්වාස කළා. එහෙනම් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට පරණ නායකත්වය යටතේ තවදුරටත් යන්න බෑ. ඒක නිසා දැන් මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පක්ෂයේ නව තරුණ නායකත්වයට භාරදෙන්න ඕන. එහෙම වුණොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශක්තිමත් කණ්ඩායමක් විදියට අපට ඉදිරිපත් වෙන්න පුළුවන්.
එහෙම වුණොත් ඉදිරි අවුරුදු පහ තුළ පක්ෂයේ අඩුපාඩු හදාගෙන ජයග්‍රාහී ගමනක් යන්න පුළුවන්. දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රිවරු කථානායකතුමාට ලිපියක් භාරදීලා තියෙන්නේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහත්තයට දෙන්න කියලා. අපේ මන්ත්‍රිවරු බහුතරයක් අස්සන් කරලා කථානායකතුමාට ලියුමක් භාරදීලා තියෙන්නේ. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය නව නායකත්වයක් යටතේ ගමට ගිහින් පාක්ෂිකයන් රැකගෙන දේශපාලනය කරන්න ඕන. එහෙම නැතුව ආණ්ඩුවත් එක්ක ඩීල් දාන දේශපාලනයක් නෙවෙයි අපට ඕන.”
යක්කලමුල්ල - දමිත් සඳනුවන් කීර්ති


No comments:
Post a Comment