වසීම් තාජුඩීන් මරණයට පත්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලද එවකට නාරාහේන්පිට පොලිසියේ හිටපු පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කරුණු ගණනාවක් හෙළි කලේය.
ඔහු සදහන් කළේ අදාළ අනතුර සිදු වූ ස්ථානයට තමන් එම මොහොතේම ගොස් පරීක්ෂණ ආරම්භ කළ බවත් එය බීමතින් සිදු වූ රිය අනතුරක් බවත්ය.
ඒ සම්බන්ධයෙන් වන සියලූ නඩු භාණ්ඩ තමන් විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු පැවසුවේය.
අනතුර සිදුවන්නට ඉතා ආසන්න මොහොතක දී තජුඩින් තවත් යහළුවකු සමග මත්පැන් බෝතල දෙකක් පමණ පානය කර ඇති බවද ඔහු හෙළි කළේය.
මේ සම්බන්ධයෙන් සියලු වාර්තා සහ සහතික නඩු භාණ්ඩ තමයි අධිකරණයට ඉදිරිපත් කළ ද ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සම්බන්ධය යයි පවසන ලෙසට රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර තමාට බලපෑම් කළ බවද ඔහු පැවසීය.
නමුත් තමන්ගේ ඊට එකඟ නොවූ හෙයින් වසරක කාලයක් බන්ධනාගාර සිටීමට තමන්ට සිදු වූ බවත් හෙතෙම සදහන් කලේය.
සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
Thursday, November 28, 2019
Home
ප්රවෘත්ති
නාරාහේන්පිට OIC යහපාලනය ඔළුවෙන් හිටුවයි.. තජුඩීන් නඩුව උඩු යටිකුරු කරමින් මාධ්‍ය හමුවක - (video)
නාරාහේන්පිට OIC යහපාලනය ඔළුවෙන් හිටුවයි.. තජුඩීන් නඩුව උඩු යටිකුරු කරමින් මාධ්‍ය හමුවක - (video)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment